ජනපති මාලදිවයිනට


(අංජුල මහික වීරරත්න)

මාලදිවයිනේ අභිනව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර මාලදිවයින බලා පිටත්ව ගියේය.

මාලදිවයින් රජයේ විශේෂ ආරාධනයක් අනුව ජනාධිපතිවරයා එහි ගියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෙනසුරාදා(18)නැවත පැමිණීමට නියමිතව ඇත.