ජනපති බසයක් පදවයි


කොළම පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ පළමු අදියර යටතේ ඉදිකළ කොට්ටාව අන්තර් පිවිසුමේ සිට කඩුවෙල දක්වා මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද විවෘත කළේය. කොට්ටාව පිවිසුමේ සිට  කඩුවලෙ දක්වා කිලෝමීටර් 11 ක් පමණ වන දුරක් බස් රථයක් පදවමින් පැමිණි ජනාධිපතිවරයා කඩුවෙල කොතලාවල අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන ගමන නිම කළේය. නුගේගොඩ සිට කඩුවෙලට ළඟාවීමට විනාඩි 15ක් පමණ ගතවිය.

මෙම මාර්ගයේ දෙවන අදියර වශයෙන් කඩුවෙල සිට කඩවත දක්වා ද තෙවන අදියර වශයෙන් කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස ද  නිම කිරීමට නියමිතය.

මෙහි සම්පූර්ණ දුර කිලෝමීටර් 29කි.

ගාල්ල සිට මාතර දක්වා කොටස ද ලබන 15 වැනි දා විවෘත කිරීමට නියමිත අතර මාතර සිට  පැය එකකුත් විනාඩි 30කින් පමණ කඩුවෙලට ළඟා විය හැකිය.