ජනපති බංගලා නඩත්තුවට කෝටි අටක් ගෙවලා


(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති මන්දිර අට නඩත්තු කිරීම සඳහා ඉකුත් වර්ෂයේ (2024) රුපියල් අටකෝටි එක්ලක්ෂ පනස්හතරදහස් හාරසිය විසිදෙකක මුදලක් ජනාධිපති ලේකම් කාර්යාලය  විසින් වැය කරනු ලැබ ඇත.

මෙම ජනාධිපති මන්දිරවල ආරක්ෂක අංශ නිලධාරීහු තුන්සිය අනූ දෙදෙනෙක් සහ  සිවිල් සේවකයෝ 16 දෙනෙක් සේවයේ යොදවනු ලැබ සිටිති. සිවිල් සේවකයින් 16 දෙනකු සඳහා වැටුප් හා දීමනා ගෙවීම සඳහා ඉකුත් වර්ෂයේ (2024) දී රුපියල් එක්කෝටි තිස්හත්ලක්ෂ හතළිස් එක්දහස් අසූවක මුදලක් (13,741,080) වැය කර තිබුණි.

මේ තොරතුරු ඇතුළත් වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ  2024  වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවේය

යාපනය අනුරාධපුර මහනුවර මහියංගණය නුවරඑළිය කතරගම බෙන්තොට සහ   කොළඹ එම ජනාධිපති බංගලාවේ.