එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 70 වැනි සමුළුව ඇමතීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ සිටින ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බිනර පුන් පෝ දිනයේදී ආගමික වතාවත් ඉටු කිරීමට නිව්යෝක් ක්වීන්ස් බෞද්ධ විහාරයට ගියේය.
එහිදී ආගමික වතාවත්වලට සහභාගීවූ ජනපති ශ්‍රී ලාංකික ජනතාවද හමුවිය. විජයදාස රාජපක්ෂ, මහින්ද සමරසිංහ හා ඩී.එම්.ස්වාමිනාදන් යන අමාත්‍යවරුද එම අවස්ථාවට එක්වූහ.
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා හා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය රොහාන් පෙරේරා මහතාද ආගමික කටයුතු සඳහා එක්ව සිටියහ.







