වකුගඩු රෝගයට විසඳුමක් ලෙස මෙරටට හඳුන්වාදී ඇති පානීය ජලය පිරිසිදු කිරිමේ ආර්.ඕ. ජල පෙරණ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයකට සහ වැඩිහිටි නිවාසයකට නොමිලේ පිරිනැමීම ජනපති පුත් දහම් සිරිසේන මහතා අතින් අද (16) සවස කුරුණෑගල දී සිදු විය.
කුරුණැගල රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ දර්ශන සිරිසේන මහතා වෙත දහම් සිරිසේන මහතා ජල පෙරණයක් බාර දුන්නේය.
මෙම ජල පෙරණ මෙරටට ගෙනැවිත් බෙදාහැරිම දක්වා ඇක්වා මාස්ටර්ස් ආයතනයේ ශාඛාවක් කුරුණෑගල දී විවෘත කළ අවස්ථාව නිමිත්තෙන් මෙම ජල පෙරණ කුරුණැගල රෝහලට , නිකවැරටිය මුලික රෝහලට , පොල්පිතිගම රෝහලට සහ මල්ලවපිටිය වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කැරිණි.
කුරුණෑගල නගරාධිපති ගාමිණි පෙරමුණගේ , ඇක්වා මාස්ටර්ස් සමාගමේ සභාපති උපසේන දිසානායක, අලෙවි කළමණාකාර නිමල් එදිරිසිංහ මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.

![DSC_0829[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC_08291.jpg)
![DSC_0837[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC_08371.jpg)
![DSC_0863[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC_08631.jpg)

![DSC_0858[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC_08581.jpg)
