ජනපති පාර්ලිමේන්තු ඇවිත් ’’පොඩි හනුමා’’ සොයයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ත්‍රිකුණාමලයේ සිද්ධිය අල්ලාගෙන ඇතැම් පිරිස් ජාතිවාදය අවුළුවන්නට උත්සාහ කරන අතර නැවත කිසි කලෙක ජාතිවාදී නාඩගම් වලට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"කෝ පොඩි හනුමා ගිහිල්ලාදැයි" ජනාධිපතිවරයා තම කතාව අතරතුර පාර්ලිමේන්තුවේ සභා ගැබ දෙස බලමින් ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තු කටයුතු, මහජන ආරක්ෂක සහ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

කවුරුන් හෝ නැවත ජාතිවාදී නාඩගම නටන්න උත්සාහ කරනවා නම් එය ඉතිහාසයම පමණක් බව සිතාගත යුතු යැයි අවධාරණය කළ ජනාධිපතිවරයා රටේ වර්තමාන මෙන්ම අනාගත දේශපාලන න්‍යාය පත්‍රය ජාතිවාදය මත ලියවෙන්නේ නැති බව ඒ මහත්වරු තේරුම් ගන්න ඕන යනුවෙන්ද කීය.