ජනපති පරිසර සම්මාන අයදුම්පත් ලබන 23 තෙක් බාර ගැනේ


(විනීතා එම් ගමගේ)

ජනාධිපති පරිසර සම්මාන 2021 සහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය අගෝස්තු මස 23වැනි දා තෙක් දීර්ඝ කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය  කියයි. 
කොවිඞ් 19 වසංගතය හමුවේ අයදුම්කරුවන්ට සිදුවිය හැකි අපහසුතා වැළැක්වීමේ අරමුණින් සංවිධායකයන් විසින් මෙම තීරණය ගත් බව ද එම අධිකාරිය සඳහන් කරයි.
අයදුම්පත් හා වැඩිවිස්තර මධ්‍යම පරිසර අධිකාරියේ www.cea.lk  යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙන්ම 0112872278, 0112873447, 0112873448, 0117877277 යන වෙබ් අඩවිවලින් ලබාගත හැක. එමෙන්ම 1981 යන ක්‍ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් ද වැඩි විස්තර ලබාගත හැක. මධ්‍යම පරිසර අධිකාරිය මගින් මෙය සංවිධානය කර ඇත.