ජනපති පදවි ප‍්‍රාප්ති පාපැදි සවාරියේ තෑගි තවම නෑ
ජනපති පදවිප‍්‍රාප්ති පාපැදි සවාරියේ ජයග‍්‍රාහකයන්ට මෙතෙක් තෑගි ප‍්‍රදානය කිරීමට කටයුතු නොකිරීම නිසා ඊට සහභාගි වූ තරගකරුවන් කණස්සල්ලට පත්ව සිටින බව වාර්තාවේ.
මෙහි ජයග‍්‍රාහකයාට රුපියල් ලක්‍ෂ 1 1/2 ක මුදල් ප‍්‍රදානය කෙරෙන බව එම සංවිධායකයෝ ප‍්‍රකාශයට පත්කර තිබුණි. තරගයේ සෙසු ජයග‍්‍රාහකයන් ගණනාවකටද මුදල් තෑගි පිරිනැමෙන බව නිවේදනය විය.
කෙසේ වුවත් පදවිප‍්‍රාප්ති පාපැදි සවාරියේ ත්‍යාග ප‍්‍රදානය පසුගිය ඉරිදා (27) සිදුකරන බව නිවේදනය වුවත් එය කි‍්‍රයාත්මක නොවූ බවත් වාර්තාවේ.
කිලෝ මීටර් 350ක් දුරැති ඉතා වෙහෙසකර මාර්ගයක පදවිප‍්‍රාප්ති පාපැදි තරගය පැවති බවද තරුගකරුවෝ පැවසූහ.
දින තුනක් පුරා පැවති මෙම පාපැදි සවාරියේ පළමු අදියර තංගල්ලේ සිට කළුතර දක්වාද, දෙවැනි අදියර කළුතර සිට කුරුණෑගල දක්වාද, තෙවැනි (අවසන්) අදියර කුරුණෑගල සිට වවුනියාව දක්වාද පැවැත්විණි.
එහිදී තරගය ජය ගත්තේ පොලිස් කී‍්‍රඩක චතුර ඉන්දිකය. දෙවැනි ස්ථානය පොලිස් කී‍්‍රඩක සුධීර නිලංගද තෙවැනි ස්ථානය නලින්ද අමිල කුමාර විසින්ද හිමිකර ගත්හ. තරග සංවිධායකයන් ප‍්‍රතිඥා දුන් පරිදි තෑගි ප‍්‍රදානය නොකිරීම ගැන තරගකරුවන් අවධානය යොමුකර සිටින්නේ මීට පෙර පැවැති නෙත් එෆ් එම් පාපැදි තරගයේ ජයග‍්‍රාහකයන්ටද මෙතෙක් තෑගි මුදල් පිරිනැමීමට වගකිව යුත්තන් අපොහොසත්වීමේ කරුණු නිසාය.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මේ වනවිට අකි‍්‍රය තත්ත්වයෙන් පවතින බැවින් මේ සම්බන්ධයෙන් තරගකරුවන්ට කරුණු කීමට පාර්ශ්වයක් නොමැතිවීමද ඔවුන් තවත් අසරණ වීමට හේතුවී ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර පදවිප‍්‍රාප්ති පාපැදි සවාරියේ තෑගි මුදල් අඩු කිරීමට සංවිධායකයන් තීරණය කර ඇතැයිද මේ අතර වාර්තා වන තවත් පුවතකි.

