ජනපති නිවුස්ටඩ් බාලිකාවේ


මීගමුව නිවුස්ටඩ් බාලිකා විද්‍යාලයයේ 200 වැනි සංවත්සරය වෙනුවෙන් ඉදිකළ තෙමහල් ගොඩනැඟිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ එම විද්‍යාලයේදී විවෘත කෙරිණි.

පංති කාමරවලින් සහ ශ්‍රවණාගාරයකින් සමන්විත මෙම තෙමහල් ගොඩනැඟිල්ල රජයේ සහ  විද්‍යාලයයේ ආදි ශිෂ්‍ය සංගමයේ රුපියල් මිලියන 28 ක අරමුදල්වලින් ඉදිකර ඇත. මෙය ඉදිකිරීමට 2013 වර්ෂයේ ජනවාරි 29 වැනිදා මුල්ගල් තබා ඇති අතර ගොඩනැඟිල්ල ඉදිකිරීමට වසර දෙකක් ගතවී ඇත. ගොඩනැඟිල්ලේ වාස්තු විද්‍යා කටයුතු සිදුකර ඇත්තේ මෙම විද්‍යාලයේම ආදි ශිෂ්‍යාවන් දෙදෙනෙක් වන අනූෂා රාජපක්ෂ සහ චතුරංගා සිල්වා යන වාස්තු නිර්මාණ ශිල්පිනියන්ය. වරලත් ඉංජිනේරු ලොයිඩ් සීමන් මහතා මෙම ගොඩනැඟිල්ලේ ඉංජිනේරු කටයුතු කර ඇත.

1816 වර්ෂයේදී රොබට් නිව්ස්ටඩ් පියතුමාගේ මැදිහත්වීමෙන් ආරම්භ කළ මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයයට   2016 වර්ෂයට වසර 200 ක් සම්පූර්ණ වේ. මෙම විද්‍යාලය › ලංකාවේ මෙන්ම ආසියානු කලාපයේ ද පැරණිම පාසල්වලින් එකකි.

RDS_2386 RDS_2407 RDS_2465 RDS_2474