එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වැනි සැසි වාරයට සහභාගීවීම සඳහා බදාදා (23) ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පෙරවරුවේ නිව්යෝක් නුවරට ළඟා විය.
වොෂිංටන් හා නිව්යෝක් නුවර ශ්‍රී ලංකා තානාපතිවරු, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ නිව්යෝක් නුවර තානාපති කාර්යාල නිලධාරයෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උණුසුම් අයුරින් පිළිගත්හ.
සිය නිල සංචාරය අතරතුර සිරිසේන මහතා සිකුරාදා (25) දිනයේදී ස්ව්ට්සර්ලන්ත ජනාධිපති ඩිඩයර් බර්කාල්ටර් හා දකුණු අප‍්‍රිකා ජනාධිපති ජාකෝබ් සූමා සමග විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතය.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සභාපති පීටර් මවුරේ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප‍්‍රධානීන් සමගද ජනපති සාකච්ඡා පැවැත්වීමට යයි.





