(චමිල් රූපසිංහ)
ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (1) මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගනිමින් උදාවූ නව වසරට ආශිර්වාද ලබාගත්තේය.
පසුව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් ද බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේලාගේ සුව දුක් විමසූ අතර, උන්වහන්සේලාද සෙත් පිරිත් සජ්ඤායනා කර උදා වූ නව වසර වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත සිය ආශිර්වාදය පළ කළහ.
ආශිර්වාද ගැනීමෙන් පසු ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ සිටි සැදැහැවත් ජනතාව සමඟ ද ජනාධිපතිතුමා සුහද කතා බහක නිරත වූ අතර ඔවුන් ද උදා වූ නව වසර වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත සුභාශීංසන එක් කළේය.
අමාත්‍ය එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



