ජනපති තන්තිරිමලේ : ලංකාදීප අලෝක පූජාවට මහ පිරිස්


ලාහුගල නීලගිරි සෑයේ කැනීම්වලින් සොයාගත් සර්වඥ ධාතූන් වහන්සේ පොසොන් පොහොය නිමිත්තෙන් ඵෙතිහාසික තන්තිරිමලේදී අද (1) සවස මහජන ප්‍රදර්ශනයට විවෘත වේ.

මෛත්‍රිපාල සිරිසේන ජනපති සර්වඥ ධාතු සධාතුක කරඬුව ගල් තලාවේ විශේෂ මණ්ඩපයක් මත වඩා හිඳුවීමෙන් පසු මහජන වන්දනාව ඇරඹිණි.

තන්තිරිමලේ චන්දරතන තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පිංකම පැවැත්වේ.

ලංකාදීප පුවත්පත මෙවර 12 වැනි වරටත් අදත් හෙටත් (1/2) ආලෝක පූජාව පවත්වයි.

DSC_7667 DSC_7678 DSC_7739 DSC_7748 DSC_7753 DSC_7757 DSC_7766 DSC_7782 DSC_7799 DSC_7805 DSC_7849 DSC_7863

ඡායාරූප - ශාන්ත රත්නායක