ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා නුදුරේදීම ජපානයේ නිල සංචාරයක නිරතවනු ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි.
දෙරට අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් එරට නිල සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ජපන් අගමැති ෂින්සේ අබේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට නිල වශයෙන් ආරාධනා කර තිබෙන බවත් , එම ආරාධනය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පිළිගෙන ඇති බවත් පසුගියදා ජපානයේ සංචාරයක නිරත වූ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජපන් අගමැතිවරයා හමුවී නිල වශයෙන් දැනුම්දුන් බවද විදේශ කටයුතු අමාත්‍යංශ ප‍්‍රකාශිකා මහිෂිනී කොළොන්නේ මෙනවිය පැවසුවාය.

