( නිමන්ති රණසිංහ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ඝාතනය කිරීමට සැළසුම් කළැයි කියන සිදුවීමට අදාලව රක්ෂිත බන්ධනාගරගත කර සිටි ඉන්දීය ජාතික මර්සලීන් තෝමස් නැමැත්තා ලබන මස 13 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය.
එමෙන්ම මේ සිදුවීම සම්බන්ධයෙන් තවත් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (30) අධිකරණයට දැන්වීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිද ශෂි වීරවංශ මහත්මිය සහ ජාතික නිදහස් පෙරමුණු ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතාගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.

