පසුගිය රජය සමයේ සිදු වු බව කියන බරපතල ප්‍රශ්න සහ දුෂණ පිළිබඳව ප්‍රශ්න කිරිම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බරපතල දුෂණ හා වංචා විමර්ශන කොමිෂම හමුවට කැඳවනු ලැබ සිටියත් ඔහු නොපැමිණීම නිසා කොමිසමේ නිලධාරීන් තිදෙනකු අද සවස මිරිහානේ පිහිටි ඒ මහතාගේ නිවසට ගොස් ප්‍රකාශයක් සටහන් කරගත් බව කොමිසන් සභා ආරංචි කියයි.
ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්වාධින රූපවාහිනි සේවය ඔස්සේ ප්‍රචාරය කිරිමට ගිවිසගත් රුපියල් කෝටි දහයකට අධික දැන්වීම් ප්‍රචාරය කර ඇති බවත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල් නොගෙවිම නිසා ස්වාධින රූපවාහිනියට පාඩු සිදුවීම ගැන කරන පරික්ෂණ සඳහා ප්‍රකාශ ගැනීමට ඔහු කොමිසම හමුවට කැදවීමට පියවර ගත් බවත් දැනගන්නට ඇත.
ස්වාධින රූපවාහිනි සේවයේ විගණන අංශය විසින් කරුණු අභ්‍යන්තර විගණනයකදී 2014 නොවැම්බර් 24 වැනි දා සිට 2015 ජනවාරි 05 වැනි දා අතර කාලයේ දී ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැන්විම් පළ කිරිමට ගිවිසගෙන තිබී ඇති අතර ඒ සඳහා රුපියල් 62,639,600 ක් ගෙවා ඇති බව එම පරික්ෂණයේ දී හෙළි වී තිබිණි.
ඒ දැන්වීම් වලට අමතරව රුපියල් 101,773,058 ක් ස්වාධින රූපවාහිනි නාළිකාවක ඔස්සේ විකාශනය කර ඇතැයි ද මෙතෙක් ඒ මුදල් ගෙවා නැතැයි ද විගණන පරික්ෂණයේ දී සොයාගෙන ඇත.
මීට අමතරව රුපියල් 44,678,812 ක දැන්වීම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්වාධින රූපවාහිනිය ඔස්සේ විකාශනය කිරිමට ගිවිසගෙන සිටියත් ඉන් විකාශනය කර ඇත්තේ රුපියල් 2,647,812 ආසන්න දැන්වීම් බවත් ඉතිරි මුදල සිරිසේන මහතාට ගෙවීමට සිදුව ඇති බවද පෙන්වා දෙන විගණන වාර්තාව එලෙස ආපසු මුදල් ගෙවීමට සිදුවිම මගින් ද ස්වාධින රූපවාහිනියට පාඩු සිදු වී ඇති බවත් සඳහන් කරයි.

