අජන්ත කුමාර අගලකඩ
මෙරටදී ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා පිටරට සමාගමකින් රුපියල් කෝටි දෙකක අල්ලසක් ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (03) පස්වරුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයි එම් කේ මහානාම මහතාගේ වැඩ තහනම් කළ බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.
මහානාම මහතා අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බැවින් අද රාත්‍රීයේ ඔහුගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව ජනාධිපති ලේකම්වරයා කීවේය.
අල්ලසට දුෂණයට එරෙහිව රජය කටයුතු කිරීමේදි පුද්ගලයකුගේ තරාතිරම නොබලා කටයුතු කරන බවට මෙය කදිම උදාහරණයක් බව කී ජනාධිපති ලේකම්වරයා ජනාධිපතිවරයාත් සිටින්නේ එම අදහසේම බව පැවැසීය.
මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ රාජ්‍ය දැව සංස්ථාවේ සභහපති පී.දිසානායක් මහතාගේද වැඩ තහනම් කිරීමට අදාළ අමාත්‍යංශය පියවර ගෙන ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය.