ජනපති එයි


පකිස්ථාන නිල සංචාරය අවසන් කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත්  යු.එල් 184 දරණ ගුවන් යානයෙන්  පාකිස්ථානයේ කරච්චි නුවර සිට ඊයේ රාත්‍රී 9.40 ට දිවයිනට පැමිණියේය.

ජනපතිවරයාගේ මෙම සංචාරයේදී  දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගිතාව  පුළුල් කරගැනීම උදෙසා   ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන්  වැදගත්   ගිවිසුම් කිහිපයකටද  එළැඹිණ.