ජනපති ඉල්ලීමටත් පයින් ගහයි


සිසුන්ගේ ඉල්ලීම අනුව අඟුණකොල පැලැස්ස උස්වැව විදුහලට ඉංග්‍රීසි ගුරුවරියක ක්ෂණිකවම පත් කළේය. 2012 ඔක්තෝබර 25 වැනිදා පාසලේ සිසුන් අරලියගහ මන්දිරියට පැමිණි අවස්ථාවේ ජනපතිගෙන් කළ ඉල්ලීම අනුව  එම පුරප්පාඩුව පිරවිණි.

එහෙත් දින කිහිපයකින් එම ගුරුවරිය මාරු කැර ඇතැයි උස් වැව පාසල් සංවර්ධන සමිතිය කියයි.

දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කේ එල් ජී කිත්සිරි මහතා කියුයනුයේ ක්ෂණික අවශ්‍යතාවය මත ඉංග්‍රීසි ගුරුවරියක උස්වැව පාසලට මාරු කැර ඇත්තේ තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයෙන් බවයි.

ජාතික පාසල් අංශය ඒ බව නොදැන සිටි බව ද ඔහු කියයි.