ජනපති ඉරානයට


(කටුනායක ටී.කේ.ජී.කපිල )

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දින දෙකක නිල සංචාරයක් සඳහා අද (12) දහවල් ඉරානයේ ටෙහෙරාන් නුවර බලා පිටත්ව ගියේය. 

       
මෙම සංචාරය සඳහා ජනපතිතුමා සමග තවත් 10 දෙනෙක් දූත පිරිස සඳහා එක්ව සිටියහ.

මෙම පිරිස කටාර් ගුවන් සේවයේ Q.R.- 665 (කිව්.ආර්.- 665 ) දරන ගුවන් යානයෙන් අද (12) දහවල් 11.50 ට පමණ කටුනායක  ගුවන් තොටුපොළෙන්
පිටත්විය .