(ටී.කේ.ජී.කපිල )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීම සදහා අද(30) උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ජනාධිපතිවරයා සමග 12 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද පිටත්ව ගියහ.
අද උදෑසන 8.20 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.282 දරන ගුවන් යානයෙන් ඔවුහු කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.මෙම ගුවන් යානය දහවල් 11.50 ට ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළගා වීමට නියමිතය.

