ජනපති ඉන්දියා උළෙලට යයි


ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට මහින්ද රාජපක්ෂ ජනපති මින් මද වේලාවකට පෙර කටුනායකින් නවදිල්ලිය බලා පිටත් විය.

විදේශ අමාත්‍ය ජී එල් පීරිස් හා ආමාත්‍ය අරුංගම් තොණ්ඩමන් ද ඒ අතර වූහ.

ශ්‍රී ලංකා ජනපතිට ඇරැයුම් කළැයි විරෝධය පළකරමින් තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් එම උත්සවය වර්ජනය කරන බව ඉන්දියා ආරංචි කියයි.