(නිමන්ති රණසිංහ)
කොළඹ මළලසේකර මාවතේ ජනාධිපති මන්දිරයේ පැවැති සාදයක දී ජනාධිපති ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිට පහර දුන්නැයි එම අංශයේම පොලිස් කොස්තාපල්වරයකු සහ නාවික හමුදා නිලධරයකු ලබන නොවැම්බර් 6වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(23) නියෝග කළේය.
පසුගිය 7වැනිදා ජනපති මන්දිරයේ පැවැති සාදයකදී බීමතින් ගීත ගයමින් සිටි මෙම සැකකරුවන් දෙදෙනා ඇතුළු පිරිසට එම ගායනය නවත්වන ලෙස ජනපති ආරක්ෂක අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාල්ලගේ සමන්ත ජයසුන්දර මහතා විසින් අණ කරනු ලැබ ඇත. එහිදී ප්‍රකෝප වූ සැකකරුවන් දෙදෙනා පුටුවකින් ඔහුට පහරදී ඇතැයි අධිකරණයේ දී ප්‍රකාශ විය.
ඒ අනුව ජනපති ආරක්ෂක අංශයේ කොස්තාපල් ආසිරි නුවන් සෙනෙවිරත්න හා නාවික හමුදා සෙබළකු වන එන්.මුතුනායක යන දෙදෙනා එසේ රිමාන්ඩ් කෙරිණි.

