ජනපති අපේක්ෂකත්වයටත් සල්ලි අරන්?


එක්සත් සාම පෙරමුණ 2015 ජනාධිපති මැතිවරණ අපේක්ෂකත්වය ලබා දෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ තුනක් ලබා ගෙන ඒ වෙනුවෙන් වෙනත් පුද්ගලයකුට එම අපේක්ෂකත්වය දී මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් සාම පෙරමුණේ සභාපති ඉමිතියාස් කලුර් අහමඩ් හා ලේකම් මොහොමඩ් අයිසාද් කාදර් දෙදෙනාට ලබන ජනවාරි මස 14 වැනි දා මාලිගාකන්ද අධිකරණයේ පෙනී සිටින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය නොතීසි නිකුත් කළාය.

කළුබෝවිල රෝහල පාරේ පදිංචි මොහොමඩ් සනුඩ් ෆලීර් මොහොමඩ් පැමිණිලිකරුය.