(වීනිතා එම් ගමගේ)
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට නියමිතය.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළු මේ මස 16 වැනි දා සිට 20 වැනි දා දක්වා ලන්ඩන් නුවරදී පැවැත්වෙන අතර එහි මෙවර තේමාව වන්නේ පොදු අනාගතයක් වෙත යන්නය.
මෙම සමුළුව අවසන් වරට පවත්වන ලද්දේ මෝල්ටාවේ වන අතර එහි සභාපතිත්වය දරන මෝල්ටාව විසින් සභාපතිත්වය එක්සත් රාජධානියට බාරදීමට නියමිතය.
ජනාධිපතිතුමන්ගේ එක්සත් රාජධානියේ නිල සංචාරයේ දී එරට අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය හමුවීමට නියමිත අතර, සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයින් කිහිපදෙනෙක් සමඟම සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එමෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම පිළිපබඳව පැවැත්වෙන සමුළුවේ ප‍්‍රධාන දේශනය පැවැත්වීමට ද ජනාධිපතිතුමන්ට ඇරයුම් ලැබී තිබේ.
බ්‍රිතාන්‍ය මහ රැජිනගේ 92 වැනි ජන්ම දින විශේෂ සැමරුම් උත්සවයට ද ජනාධිපතිතුමන් එම සංචාරයේ දී සහභාගීවනු ඇත.