ජනපති 'දිනූදා' බේරාගනී


යුද ජයග්‍රහණය වෙනුවෙන් නම් කළ 'දිනූදා' අලි පැටවා දකුණු කොරියාවට යැවීම මහින්ද රාජපක්ෂ ජනාධිපති අණින් නවතී. 'ලංකාදීප එසැණ' වෙබ් අඩවියේ මේ පුවත දුටු විශේෂ ව්‍යාපෘති ඇමති හා හිටපු වනජීවී ඇමති එස්.එම්.චන්ද්‍රසේන මහතා ජනපතිට මේ බව සැළ කළේය. ඒ අනුව ජනපති නියෝග කළේ එම අලි පැටවා යැවීම වහාම නතරකළ යුතු බවයි.

අද මේ අලි පැටවා කොරියාවට යැවීමට නියමිතව සිටියේය. 'දිනූදා' වෙනුවට වෙනත් ඇත් පැටවකු යැවෙනු ඇත.