ජනපති - හවුල් පක්ෂ නායකයන් අද සවස හමුවෙයි


(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අරලියගහ මැදුරේදී අද සවස පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග කියයි.

මෙම සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වීමට නියමිතය.

යුගදනවි තාප විදුලිබලාගාරයේ කොටස් සියයට 40ක් ඇමෙරිකා සමාගමකට විකිණීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ මීට පෙර ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කළ ද ඒ අවස්ථාවේ අගමැති සහ මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡාකර ගැටළුව විසඳා ගන්නැයි ජනාධිපතිවරයා හවුල්කාර පක්ෂ නායකයනට දැනුම් දුන්නේය.

අද පැවැත්වෙන සාකච්ඡාවේ යුගදනවි තාප බලාගාර ගිවිසුම සහ වත්මන් දේශපාලන තත්ත්වය සාකච්ඡා කිරීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග කියයි.

මේ අතර යුගදනවි ගිවිසුමට විරුද්ධව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කොළඹදී හෙට මහජන සභාව නමින්  රැස්වීමක් පැවැත්වීමට නියමිතය.