ජනපති - අගමැති සරා පිටියේ


ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු අද (24) කොළඹ පී.සරවණමුත්තු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට යාමට නියමිතය. ඒ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට සමුදීම සඳහාය.

කුමාර් සංගක්කාර සහභාගීවන අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි. ඉන්දියාව සමග පැවැත්වෙන මෙම තරගයේදී අවසන් වරට පිතිහරඹයේ යෙදුණු සංගක්කාර ලකුණු 18කට දැවී ගියේය.

සංගක්කාරගේ සමුගැනීම නිමිත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

මේ අතර අද තරගය නැරඹීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී විය.

sanga_2015824p3 sanga_2015824pic2 sanga_2015824ps

ඡායාරූප - ක්‍රික්ඉන්ෆෝ ඇසුරිනි

 

(සංගක්කාර අවසන් ඉනිමේදී දැවී ගිය අයුරු)