මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බව ආරංචි මාර්ග කියයි.
ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු පාර්ශව සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු පාර්ශව සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මේ සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වෙමින් තිබෙන මෙම සාකච්ඡාව ආණ්ඩුවේ ඉදිරි ගමන තීන්දු කරන තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.
055