ජනතාව සිටින තැන ජනපති පෙන්වයි


චක්‍රලේඛ ආයතන සංග්‍රහ මුදල් රෙගුලාසි කිසිවක් ජනතාවට ඉහළින් නොමැති බවත්, ඒවා ජනතා සේවය සඳහාම තිබිය යුතු බවත් මහින්ද රාජපක්ෂ ජනපති කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවසීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයට වසර 50ක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ පැවැති උත්සවයේ දී ජනාධිපති එසේ පැවසීය.

ජනතාව නියෝජනය කරමින් පත්වන මහජන නියෝජිතයන් සමග ගැටුම් ඇති කර නොගෙන සුහදව කටයුතු කිරීමේ වගකීමක් රජයේ සේවකයන් සතුව තිබිය යුතු බව ද ජනාධිපති කීවේය.