
(අංජුල මහික වීරරත්න)
සංඛ්‍යා ලේඛන වලට අනුව මෙරට ජනගහනය මෙන් හය ගුණයක් වසරකට රජයේ රෝහල් වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
එය පවතින ක්‍රමයේ දුර්වලකමක් බව කී අමාත්‍යවරයා මහජන සෞඛ්‍ය සේවාවේ සිදුකරන ක්‍රමවේදය සත්කාර සේවාවන්ටත් අනුගත කරමින් “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” සංකල්පය හදුන්වා දුන් බව සඳහන් කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අභිනවයෙන් ඉදිකරන ලද රත්නපුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගොඩනැගිල්ලේ ප්‍රථම අදියර ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් එම කාර්යාල පරීශ්‍ර ශ්‍රවණාගාරයේ පැවති උත්සව සභාව අමතමිනි.
මහල් හතරකින් සමන්විත මෙම ගොඩනැගිලි සංකීර්ණයේ පළමු අදියර යටතේ මහල් දෙකක් සම්පුර්ණයෙන් ඉදිකර ඇත. එම කොටසේ මාතෘ සංරක්ෂණ සෞඛ්‍ය සේවාවන් සිදුකරන අතර දෙවන අදියර යටතේ තෙවන සහ සිව්වන මහල් ඉදිකිරීමට නියමිතය. මෙහි සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර ඇත.
මධ්‍යම රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන මෙම ගොඩනැගිලි සංකීර්ණයේ පළමු අදියර සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 125කි.

																	
																	
																	
																	
																	
																	