ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අවුස්සා ගන්න එපා යැයි තමන් එජාපයට අනතුරු අඟවන බවත් එසේ නොවුණහොත් ශ්‍රී ලංකා පාක්ෂිකයන් එළියට ගන්නා බවත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (4) දඹුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘අද ලංකාවේ කැලෑ ජෝන්ගේ කැලෑ නීතිය ක්‍රියාත්මක වෙනවා. පොලිසිය අසරණ වෙලා‘
එජාපය මේ දිනවල තම පාක්ෂිකයන් අත් අඩංගුවට ගෙන සිරගත කරන බවත් තම පුතා, දඹුල්ල නගරාධිපති, ලක්ෂ්මන් වසන්ත පෙරේරා හා තවත් මන්ත්‍රීවරු කිහිප දෙනකු අත් අඩංගුවට ගත් බවත් තෙන්නකෝන් මහතා කීවේය.

