ජන අරගලයේ දෙදෙනෙක් අතුරුදන්?


ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයන් වන කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල අතුරුදන්ව ඇතැයි එම ව්‍යාපාරයේ දේශපාලන අංශ ලේකම් පුබුදු ජාගොඩ කියයි. අප්‍රේල් මස 09 වන දින පැවැත්වීමට සැලසුම්කර තිබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමු මහා සමුළුවේදී පක්ෂයේ නායකයා ලෙස කුමාර් ගුණරත්නම්ගේ නම යෝජනා කිරීමට ද නියමිතව තිබූ බව එම පක්ෂයේ නියෝජිතයෙක් කීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියනුයේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.