මෙරට සිවු දින නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් වන මිරොස්ලාව් ජෙන්කා අද (21) පැමිණියේය.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බන්කී මූන් සහ මෛත‍්‍රිපාල සිරිසේන ජනපති අතර නිව්යෝර්ක් නුවර පැවති සාකච්ඡාවක දී අවධානය යොමු වූ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සඳහා සහකාර ලේකම් පැමිණි බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටීයි.
මෙරට සාමය ගොඩනැගීම සඳහා වන දිගු කාලීන වැඩසටහන් පිළිබදව රාජ්‍ය නායකයන් සහ විවිධ සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුම්වත් කිරීමට නියමිතව ඇත.
ලබන 25 වැනිදා තෙක් දිවයිනේ රැඳී ජෙන්කා මේ 24 වැනිදාට යෙදී තිබෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හැත්තෑ වැනි සංවත්සරයට හා ශ්‍රී ලංකාව එම සංවිධානයේ සාමජිකත්වය ලබා ගෙන වසර 60 ක් පිරීම නිමිත්තෙන් කොළඹදී පැවැත්වෙන උත්සවයට සහභාගී වීමට ද නියමිතය.

