ජගත් මණ්ඩලේ අත හිත ලංකාවට


ශ්‍රී ලංකාවේ ජනතාවටත්, ජනාධිපතිටත්, නව අගමැතිටත්   හැකි සෑම අවස්ථාවකදීම සහාය දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැපවී සිටින බව එක්සත් ජාතීන් මහලේකම් බැන් කී මූන් මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රණය පිළිබඳව වික්‍රමසිංහ මහතාට දුරකථනය ඔස්සේ සුබ පැතුම් එක් කරමින්  මූන්  මේ බව සඳහන් කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර සිටී.

යහපාලනය සහ ජාතික එකමුතුකම ගොඩනැඟීම සඳහා වන අග්‍රාමාත්‍යවරයාගේ වැඩපිළිවෙළට මූන් ප්‍රසාදය පළ කර සිටියේය.

සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට හැකිවීම සහ ඒ සඳහා ඡන්දදායක උන්නදුව කෙරෙහිද මහලේකම්වරයා සිට ප්‍රශංසාව පළ කර තිබේ.

දිගු කාලීන සාමයක් සහතික කිරීම සඳහා නව ජාතික රජය අවස්ථාවක් උදාකර දී ඇති බව එම දුරකථන සංවාදයේ සඳහන් කළ   මූන්  ශ්‍රී ලංකා රජයට හැකි සෑම අවස්ථාවකදීම සහාය දෙන බවද පැවසීය.