ජගත් බොදු සමුළුව හොංකොං නුවර


තෙවැනි ලෝක බෞද්ධ සමුළුව හොංකොං නුවරදී අද විවෘත විය. දකුණු කොරියාව, ජපානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, කාම්බෝජය,  ඕස්ටේ‍්‍රලියාව, ඇමෙරිකාව හා යුරෝපයේ දහස් ගණන් බෞද්ධ භික්ෂූහුද බෞද්ධයෝද ඊට සහභාගි වූහ. එකොළොස් වැනි පන්චන් ලාමා මුඛ්‍ය දේශනය පැවැත්වීය. ධර්ම ප‍්‍රචාරය, බෞද්ධ ලේඛන සුරක්ෂිත කිරීම, අදහස් හුවමාරුව, බෞද්ධ අධ්‍යාපනය හා බෞද්ධ පරිත්‍යාග ප‍්‍රවර්ධනය සමුළුවේ ප‍්‍රධාන මාතාකා විය. බුදුන් වහන්සේගේ ශීර්ෂ ධාතුවක්ද ප‍්‍රදර්ශනය කැරිණි. චීනයේ ජිඇංසු පළාතෙන් 2010 ජූනි මාසයේ කැනීමකින් සොයාගත් මෙම ධාතූන් වහන්සේ චීනයෙන් පිටතට වැඩම කැරැවුණු මුල්ම අවස්ථාව මෙයයි.