ජගත් පුෂ්පකුමාරට හීං හූවක් : විජිතමුණි සෝමවීරගේ කවියෙන් පිළිතුරු දෙයි


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ මොණරාගල ප්‍රාදේශී සභා පිට්ටනියේ දැන් පැවැත්වෙන රැලිය නියෝජ්‍ය ඇමති   ජගත් පුෂ්පකුමාර මහතා ඇමතීම ඇරැඹීමත් සමඟ පිරිසක් හූ තබන්නට වූහ.

රැලියේ ඉදිරියේම සිටි පිරිසක් එලෙස හූ තැබූහ.

මේ රැස්වීමේ සංවිධානාත්මක පිරිසක් හූ තියන්නට බලා සිටින බව මෙහි එන්නට පෙරම තමා දන්නා බවත්, රැස්වීමේ සිටින සියයට 95ක් තම ජනතාව බවත්, සංවිධානාත්මක පිරිසක් කරන බාධාවලින් ඵලක් නොවන බවත් පුෂ්පකුමාර මහතා කීවේය.

ඔහුගේ කතාව අවසන් වූ විට විජිතමුණි සොයිසාට ද හූ තැබූහ. හූවට පිළිතුරු ලෙස ඔහු කොළඹ යුගයේ කවියකු වූ සෝමවීර චන්ද්‍රසිරි මහතා කැස්බෑව ආසනයේ එවැනි සිද්ධියක දී කියූ කවියක් කීවේය.

මහින්ද රාජපක්ෂ මහතා ද වේදිකාවේ සිටියි.

රතුගල ආදිවාසී නායකයා පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට වැඳ ආචාර කළේය.