ජගත් පුරවර සමුළුවට අගමැති ඇතුළු දූත පිරිස සිංගප්පුරුවට



( ටී.කේ.ජී.කපිල )

හය වැනි ජගත් පුරවර සමුළුවට සහභාගි වීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු දූත පිරිස අද (08)   උදෑසන 7.52 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 302 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත් වුහ.

මෙම සංචාරයේ දූත පිරිස ලෙස 15 දෙනෙකු එක්වී සිටින බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය . ඒ අතර අමාත්‍යවරුන් වන  සජිත් ප්‍රේමදාස , මලික් සමරවික්‍රම සහ රවුෆ් හකීම් යන මහත්වරුද මේ සංචාරයට එක්ව සිටිති