ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය බිහිවෙයි


        (නිමල කොඩිතුවක්කු)     

  ගෝලීය ශ‍්‍රි  ලාංකික සංසදය ලෙස රට වෙනුවෙන් සිදු කළ  කාර්යභාරය  තවදුරටත් පුළුල්ව, නීත්‍යනුකූලව හා විනිවදව  සිදුකිරීමට ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය ලෙස නව සංවිධානයක් බිහිකළ බව එහි  සභාපති වසන්ත කීර්තිරත්න මහතා කොළඹදී අද (20) පැවසීය.

මාතෘ භූමිය සහ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින විද්වතුන්, වෘත්තිකයන් ඇතුලූ සියලූම ශ‍්‍රි ලාංකිකයන්ට මෙම සංවිධානය සදහා ආරාධනා කර සිටින බවද ඔහු කියා සිටියේය. කොළඹ ජායික් හිල්ටන් හෝටලයේදී එම සංසදයේ පළමු මාධ්‍ය හමුව පවත්වමින් කීර්තිරත්න මහතා මේ බව පැවසීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත කීර්තිරත්න මහතා මෙසේද කීවේය.   

 ‘‘අපේ මේ සංවිධානයත් එක්ක ඉතාලිය,  එංගලන්තය, ස්විස්ටර්ලන්තය, ප‍්‍රංශය, ජර්මනිය ආදී රටවල් රැසක නියෝජිතයන් සම්බන්ධ වී සිටිනවා. අපි මේ  සංසදය ආරම්භ කලේ අරමුණු  අටක්  පෙරදැරිවයි. ඒ අනුව එක ධජයක් එක රටක්, සුරක්ෂිත දේශයක්, සවිමත්  ආර්ථිකයක් ඇතුලූ අරමුණු ඒ අතර වෙනවා. 

      මෙයට පෙරත් අපි වසර දෙකක පමණ  කාළයක සිට ගෝලීය ශ‍්‍රි  ලාංකික සංසදය නමින් රට වෙනුවෙන් විශාල සේවයක්  සිදුකළා.  2016 වසරේදී  ගෝලීය ශ‍්‍රි  ලාංකික සංසදය ආරම්භ  කරලා එහි කටයුතු අපි ඉදිරියට ගෙන ගියා.  මොනයම් හෝ  පාර්ශවයකින් එල්ල වූ  බලපෑමක් මත මේ සංවිධානයෙන් අපි ඉවත් වීමට කටයුතු කළා. 

 සමහර විට  එයට දෙමළ ඩයස්පෝරාවේ යම් යම් බලපෑම් ඇති වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා.       ගෝලීය ශ‍්‍රි  ලාංකික සංසදයේ  කටයුතු වලට දිගින් දිගටම බාධා එල්ල වුණා.  එය අපිට  ප‍්‍රයෝගිකව නොවුනත් නීත්‍යානුකූලව යම් යම් බාධා එල්ල වුණා.  ඉදිරියටත් අපිට පරණ සංවිධානයේ නමින්ම යන්න අපහසු නිසා අපි සියලූ  දෙනාම තීරණය කරලා ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය නමින් මේ නව සංවිධානය බිහිකළා.     

    ඒ අනුව ගෝලීය ශ‍්‍රි  ලාංකික සංසදය විදියට අපි කරපු කාර්යභාරය  තවදුරටත් පුලූල්ව  නීත්‍යානුකූලව විනිවදව  කරන්න අපි බලාපොරොත්තු වෙනවා.  ලබන ජුනි මස ජිනීවා සැසිය ආරම්භ වීමට නියමිතයි. එහිදී අපේ කාර්යභාරය ඒ අයුරින්ම සිදුවෙනවා. 

පසුගිය ජිනීවා සිසැයට රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා  අපිට විශාල  ශක්තියක්, දායකත්වයක් ලබා දුන්නා. ඔහු නිතරම අපිත්  එක්ක සම්බන්ධ වෙලා ජිනීවා මානව හිමිකම්  කාර්ය තුළ විශාල වැඩකොටසක් කළා.       අපි ඉදිරියටත් එතුමන්ගේ අනුශාසකත්වය මත කටයුතු කරනවා. ඒ වගේම  මෙරට සහ  විදෙස්ගතව සිටින  තවත් විද්වතුන්,    බුද්ධිමතුන්ගේ සහය ඇතිව අපි මාතෘභූමිය  වෙනුවෙන් කරන්න පුලූවන් උපරිම දායකත්වය ලබා දෙනවා.       අපි  වසර 20කට වඩා යුරෝපයේ ජීවත්වෙනවා. 

අපි විශාල කැපවීම් කරගෙන තමයි මේ රට වෙනුවෙන් වැඩ කරන්නනේ. අපි මේ හදලාල  තියෙන්නේ විනිවිදව නීත්‍යානුකූලව  යන සංවිධානයක්. යුරොපයේ  නීතියට අනුව අපි මේ සංවිධානය ලියාපදිංචි කරලා තියෙනවා.  ඒ වගේම ලංකාවේ නීතී රාමුව ඇතුළත අපි කටයුතු කරනවා.     

  ඒ අනුව රට වෙනුවෙන් වැඩ කරන්න  පුලූවන් කැමති සියලූම දෙනාට එකතුවෙන්න පුලූවන්  වේදිකාවක් තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා  ඉදිරියටත් මේ වැඩසටහන කරන්න අපිට සහයෝගය ලබා දෙන්න කියලා අපි සියලූම දෙනාගෙන් ඉල්ලීමක් කරනවා.       

   ජුනි මස ජිනීවා සැසිවාරය වෙනුවෙන් මාතෘභූමිය  සහ රණවිරුවන් වෙනුවෙන් සිදුකළ යුතු දේ පිළිබ`ද අපි දැනටමත් කටයුතු කරගෙන යනවා. ලංකාවෙන් අවශ්‍ය විද්වත්  පිරිස, ඒ වගේම අනිකුත් රටවලින් අවශ්‍ය සියලූ දෙනා සම්බන්ධ කරගනිමින් අපි එයට අවශ්‍ය පසුබිම සකස් කරගෙන යනවා.       

  ඒ වගේම මේ සැසියට සමාගාමීවත් එයට පසුවත්  ලංකාව තුළ දැනුවත් කිරීම් රාශියක් සිදුකරන්න  අපි බලාපොරොත්තු මේ අර්බුදය  විසදන්න  ජිනීවා සිට හෝ  රටින් පිට සිට අපි කරන ඒ කාර්ය  වගේම ලංකාව තුළ අපේ රටේ  ජීවත්වෙන අයගෙත් යම් දායකත්වයක් ලැබිය  යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මොකද මේක අපිට විතරක් කරන්න පුලූවන්  දෙයක් නෙමෙයි.       

  මාතෘභූමියේ අද තියෙන ගැටලූව අපි හැමෝම දන්නවා.  අද වන විට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රණවිරුවට වෙච්ච අසාධාරණය  අපිට වැඩිය මේ අය දන්නවා. ඒ නිසා අපේ මාතෘභූමිය වෙනුවෙන් කැප වූ රණවිරුවන් වෙනුවෙන්  අපි ඔනැම අවස්ථාවක කොන්දේසි විරහිතව සහය ලබා දෙනවා යැයිද ඔහු කියා සිටියේය.