ජගත් ආහාර සංවිධානෙට බෙනට් කුරේ


ලෝක ආහාර සංවිධානයේ හා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා වශයෙන් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ  බෙනට් කුරේ මහතා පසුගියදා පත්විය.

රෝමයේ පිහිටි ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධාන මුලස්ථානයේදී එහි විධායක  අධ්‍යක්ෂක ග්‍රස්සියානෝ දී සිල්වා මහතාට  හා ලෝක ආහාර සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා එනිතනින් කුසින් මහත්මියට තානාපති බෙනට් කුරේ මහතා විසින් සිය අක්‍රපත්‍ර පසුගියදා බාර දුන්නේය.