(ඉන්දිකා රාමනායක)
අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර දී ඉකුත් (9) දින ඇති වු ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ඇත.
පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ඒ මහතා අද (23) පෙරවරු 11.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඒ මහතාගෙන් ප්‍රකාශ ලබාගනිමින් පසුවේ.