වෙරෝනා නුවර ආගමික දේශපාලන හා සුබසාධන සංගම් දහයක වෙරෝනා නුවර පැවති තානාපති ජංගම සේවය සාර්ථව පැවැත්විණි. සෙනසුරාදා හා ඉරිදා දෙදින තුළ නවසියයකට ආසන්න පිරිසකට තානාපති කාර්යාල සේවය ලබා දීමට හැකිවූ බව තානාපති බැනට් කුරේ මහතා එසැණටපැවසීය.
ජංගම සේවය පැවැත්වීම සදහා පහසුකම් සැලසීමේ ප්‍රධාන භුමිකාව ඉටු කළ වෙරෝනා නුවර බිමල් ප්‍රනාන්දු මහතා කියා සිටියේ තානාපති ජංගම සේවයට ස්වේච්ඡාවෙන් සේවය ලබා දුන් වෙරෝනා නුවර සැමට තමා ස්තුතිවන්ත වන බවයි. තානාපති බෙනට් කුරේ මහතා ඇතුළු නිලධාරී මණ්ඩලයේ කැපවීම මත නව සියයකට ආසන්න පිරිසකට තානාපති කාර්යාල සේවය ලබා දිමට හැකි වූ බවත් ඔහු කීවේය.

