වාද්දූව තල්පිටියේ දී පාද ගැට ගැසූ ගවයන් දෙදෙනකු පටවාගෙන යමින් සිටි වෑන් රියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැක කටයුතු වෑන් රියක් එහා මෙහා යන බවට ලද තොරතුරක් අනුව පොලිසිය වාහනය ලුහු බැඳ ගිය බවත්, එහි සිටි සැකකරුවන් දෙදෙනකු වාහනය දමා පළා ගිය බවත්, වාහනය ජංගම ගව ඝාතකාගාරයක් බවට සැක කරන බවත් පොලිසිය පවසයි.

