ජංගම අරක්කු වෙළෙන්දෙක් පොළට ඇවිත්


පිළිමතලාව දන්තුරේ සති පොළේ එළවළු වෙළඳුන්ට අරක්කු විකිණූ ජංගම අරක්කු වෙළෙන්දෙක් අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.

සිවිල් පොලිස් නිලධාරීන් කළ වැටලිමකදි අත් අඩංගුවට ගත් මොහු දන්තුරේ පදිංචි කරුවකු බවත් අලෙවි කිරිම සඳහා පොළට ගෙනැවිත් තිබු අරක්කු බෝතල් 3 ක් ද අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.