ඡායාරූප ශිල්පියාගේ පෙත්සම විභාගයට අවසර


(රංජන් කටුගම්පල සහ විමුක්ති එස් රොද්‍රිගු)

ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුලුවීමේ චෝදනා මත රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වුණා යැයි සඳහන් කරමින් ඊට වන්දි ඉල්ලා ඡායාරූප ශිල්පියෙක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.