ඡන්දේට කුඩු ගාවා ගන්න එපා


මැතිවරණ සමයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෝ කුඩු ගසන්නවුන්  සක්‍රීය ලෙස මැතිවරණ ප්‍රචාරණයට සහභාගි  වන බව සනාථ වී ඇති බවත්  ඔවුන් බලාපොරොත්තු වෙන්නේ දේශපාලනය තුළින්  නිතියේ  රැකවරණය සහ රජයේ  රැකවරණය බවත්  ඇතැම් විට ඔවුන් අධිකරණයේ රැකවරණය පතන බවත්  අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය කියයි.

එබැවින්  අනාගතයේ පාර්ලිමේන්තුවට  පිවිස රටට  සේවය  කිරිමට බලා සිටින අපේක්ෂකයන්ගේ පවිත්‍ර ඡන්ද ව්‍යාපාරය  හා චරිතයට ද මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන්ගෙන් සහ ලොලින්ගෙන් බේරා ගන්නා  ලෙස ද මණ්ඩලය අවධාරනය කරයි.

එසේම නොයෙකුත් ආකාරයෙන් වෙස් වළාගෙන හෝ ඔවුන්  පැමිණිය හැකි බැවින් ඒ සඳහා  තමන්ගේ  මැතිවරණ නිලධාරියකු  පත් කර  ඔවුන් ගැන සෝදිසියෙන් සිටින  ලෙස මණ්ඩලයේ  සභාපති වෛද්‍ය  නිලංග සමරසිංහ මහතා  ඉල්ලයි.