මහ ජන්දය වෙනුවෙන් ඉකුත් දින කිහිපයේ භාණ්ඩ හා මුදල් බේදා දීමේ සිද්ධි කිහිපයක් උතුර , දකුණ හා නැගෙනහිර පළාත් වලින් වාර්තා වු බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය කියයි.
සමෘද්ධිලාභින්ට රුපියල් ලක්ෂය බැගින් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා විසින් බෙදාදීමේ සිද්ධියක් ද , රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයකදී මහන මැෂින් සහ රුපියල් ලක්ෂය බැගින් බේදා දීමේ සිද්ධින් කිහිපයක් ද වාර්තා වී යැයි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළේය.
දෙමළ සන්ධානය වව්නියාවේදී පාපැදි ද කයිට්ස් හිදී පොත්පත් ද බේදා දිමේ සිද්ධි වාර්තා වී ඇති බවත් කී ඒ මහතා මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ බව ද සඳහන් කළේය.

