ඡන්දේ හතරවැනි බිල්ල කොටහේනෙන්


පසුගිය සිකුරාදා කොටහේනේදී මුදල් ඇමැති රවී කරුණානායක මහතාට ආධාර පිණිස පැවැත්වූ ඡන්ද රැස්වීමේදී වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයකු කොළඹ ජාතික රෝහලේදී මිය ගිය බව රෝහල් ආරංචි කියයි.

ඔහු කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි ස්ටේට්ස් පාරේ පදිංචි බුලත්සිංහලගේ නිරෝෂන් සම්පත් බවත් (36) ඔහු යුද හමුදාවේ සේවය නොකළ අයකු බවත් ඔහු ව්‍යාපාරිකයකු බවත් පොලිසිය කියයි.

ජාතික රෝහලේ සිටින තුවාලකරුවන් පස් දෙනා අතර හමුදාවෙන් පැන ගිය පුද්ගලයකු නොමැති බව රෝහල් ආරංචි පවසයි.

ඡන්දයේ පළමු බිල්ල කහවත්තෙන්ද, දෙවැන්න කොටහේනේන්ද, තුන් වැන්න රඹෑවෙන් ද වාර්තා විය.