ඡන්දෙන් හැම පක්ෂයකම ගැටුම්


IMG_4020 IMG_4031එක්සත් ජාතික පක්ෂය නව මැතිවරණ ක්‍රමයක් ඇතිකරන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරිමට  තිබු අවස්ථා සියල්ල නැතිකිරිම නිසා පැරණි ක්‍රමය යටතේ පවත්වන මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම අපේක්ෂයන් අතර බෙදීමක් ඇති කැර ඇතැයි පාර්ලිමේන්තු කටයුතු අමාතය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කොළඹ දී අද (21) පෙරවරුවේ ප්‍රකාශ කළේය.

ශ්‍රිපනිපයේ වෙනත් සභාපතිවරුන් ඔවුන්ගේ පෞද්ගලික මත අනුව තීරණ ගනු ලැබුව ද පක්ෂයේ වර්තමාන සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා               පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදයක් තවදුරටත් තහවුරු කරමින් හිටපු ජනපති මහන්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා දීමට  කටයුතු කළ බව ද මෙහී අමාත්‍යවරයා පැවසුවේය.

තමා අමාත්‍යධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රිලනිප ම ධ්‍යම කාරක සභාව තීරණය කළහොත් ඉල්ලා අස්වන බවත් තමා පක්ෂයට හැර වෙනත් කිසිවෙකුට බැදී නොමැති බව ලක්ෂ්මන් යාපා මහතා කියා සිටියේය.