(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
“ඡන්දයෙදි වැඩියෙන් සල්ලි බෙදුවේ නැගෙනහිර පළාතෙයි. ගිණි පෙට්ටිවල දාලා පන්දහේ කොල බෙදුවා .මෙවා කරපු නායකයෝ මෙතෙන රෙදි ඇඳගෙන කතා කිරීම ලැජ්ජාවක් “ යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නිතිඥ ෆයිසර් මුස්තාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය.
පාළාත් පාලන ඇමතිවරයා මේ බව පැවසුවේ පළාත් සභා මැතිවරණය පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේදීය.
ෆයිසර් මුස්තාපා මහතා මෙසේද කීය.
“ සමහරු අද ජාතිය විකුණලා ජාතිය ගැන කතා කරනවා .අසූචි ගා ගත්තු සමහර මහත්වරු සුදනෝ වගේ මෙතැන කටයුතු කරනවා.මේ ඡන්ද ක්‍රමයෙන් කිසිම ජාතියකට අසාධාරණයක් වන්නේ නැහැ. දූෂිත මනාප ක්‍රමය කියා දේශපාලනයේ ලොකු පිරිහීමක් ඇතිවුණා. දූෂිත මනාප ක්‍රමය යළි ගේන්න ඉඩ දෙන්න එපා. දැනට තියෙන සීමා නිර්ණවාර්තාවෙන් අපට ඡන්දයක් තියන්න බැහැ.