මෙවර මහ මැතිවරණයේ ඡන්ද ලකුණු දෙස බලන විට සත්වෝද්‍යානය සිහියට නැගෙන බව මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචි කියයි.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඡන්ද සලකුණු 156 ක් ගැසට් කළේය. බුලත් කොළය, අලියා, අත, සීනුව, ගස, නැගෙන හිරු හා පංචායුදයට අමතරව තවත් ලකුණු ඒ අතර වේ.
නාගයා, ගෝනුස්සා, මීයා හා හිරමනයද ඒ අතර වෙයි. ශ්‍රී ලංකාවේ නැති ඔටුවා, රයිනෝසිරස්, ජිරාෆ්, කැන්ගරුද ඒ අතර වෙයි. මුවා, හාවා, දුම්රිය ඇන්ජිම, අත්බෑගය, කුල්ල, මාළුවා, බස්සා, අශ්වයා, කකුළුවා, බළලා, රාජාලියා, ගොළුබෙල්ලා, ඉබ්බා, ලේනා, ජිප් රිය, පාපන්දුව, සපත්තුව, ඉස්කුරුප්පු ඇනය, කෙසෙල් ඇවරිය, කිඹුලා හා වම්බොට්ටද ඒ අතර වේ.

